Prasanga Rathnapriya
Welcome you for my blog. අයුබෝවන් ඔබව සාදරයෙන් පිලිගනිමි
Sunday, April 21, 2013
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා
ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය. රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය. රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ.
රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුහ. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ. බිලී බාන කුමරා දුටු වීදාගම හිමි “ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ” යනුවෙන් ඇසුවේය. එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නෑ හාමුදුරුවනේ, මේකේ අටවකක් නැ. එක වකයි තියෙන්නේ. මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි. වීදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.
දිනක් වීදාගම නාහිමියෝ රාහුල පොඩි හමුදුරුවන්ට කිරිහට්ටියක් සමග කෙසෙල් ඇවරියක් දී එය ලඟ පන්සලකට නායක හිමි නමකට දී එන්නට හැරියේය. එය පිළිගන්වා “පුර හඳයි, පසලොස්වකයි” පිළිගන්නා ලෙසද කියන ලෙස කිවේය. එය පිළිගන්වා පැමිණ “නායක හාමුදුරුවන් අඩ සඳයි, අටවකයි පිළිගත්තා” යැයි කියා යැවුහ. රාහුල සාමණේරයන් කිරි හට්ටියෙන් අඩක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් කා ඇති බව වීදාගම හිමියෝ තෙරුම් ගත්හ.
වීදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වතී තෛලය නමින් බලගතු, දිව ගෑ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය. එය කෙස් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. වීදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ. නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය. අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වතී තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි වීදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය. එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.
දිනක් විදාගම-රාහුල ගුරු ගෝල දෙනම ඉදිරියට ඇති සුභ නැකැත් දින තේරීමේදී ගලක වුවත් ඉන්නක් පැලවෙන ඉතා බලගතු ගොවි නැකැතක් ඇති බව දෙදෙනාම දුටුවේය. නැකැත් වේලාව තත්පර කිහිපයකට පමනක් සීමා වී ඇති බව දුටු දෙදෙනා මෙම සුභ නැකත අත්හදා බැලීමට කතා කර ගත්තේය. දෙදෙනා කතාකර ගත් පරිදි සුභ නැකැත් වේලාව උදවන දිනයේ දෙදෙනාම පැළ ඉණි දෙකක් සූදානම් කරගෙන පන්සල් වත්තේ පිහිටි ස්වභාවික ගල්තාලවක් මතට වී නැකැත් වේලාව උදාවන තුරු සූදානම් වී සිටියේය. සුභ නැකැත් වේලාව අනුව ගල් තලාවේ පිහිටි සිරස් දෙබලක් මතට පැල ඉන්න දැමූ විට දෙබල හා වී ඉන්න ගල් තලාවේ නොගැලවිය හැකි පරිදි පිහිටිය යුතුය. නැකැත් වේලාව උදාවුණි. විදාගම හිමි තමන් අතින් අල්ලන් සිටි පැළ ඉන්න ගල් සිදුර තුලට "ඔසවා" අත්හලහ. ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තම පය ඇඟිලි අතර රඳවාගෙන සිටි නිසා ඉතා පහසුවෙන් ඉන්න සිටුවීමට හැකිවිය.
රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය. උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියෙන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය. රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්තවිද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද යක්කටුව නමින් හැදින්වේ.
උන්වහන්සේ කවියකු ෂඩ්භාෂා පරමේශ්වර නාමධාරි පඩිවරයකු මෙන්ම නක්ෂත්‍ර යන්ත්‍ර මන්ත්‍ර වෙදකම් ආදී නොයෙක් ශාස්ත්‍රයන්හි හසළ දැනුමක් තිබූ අයෙකි. අම්බන කිඳුරුගල ලෙනෙහි වැඩ සිටිය දී අවසන් හුස්ම හෙලූ උන්වහන්සේගේ ශ්‍රී දේහය ඖෂධ හා මන්ත්‍ර බලයෙන් ආරක්ෂා වී තිබීම හේතුවෙන් සියලු ලක්වැසියන් ඒ දේහයට වැඳුම් පිදුම් පුද සත්කාර කරමින් සිටි අතර 1552 මුල් අවධියේ පෘතුගීසීහු දේහය ගෝවට රැගෙන ගොස් එය ඔවුන්ගේ ශාන්තුවරයකුගේ දේහයැයි ප්‍රසිද්ධියට පත් කොට අද දක්වා එහි රඳවා ගෙන ඇත.
මේ ශ්‍රී දේහය අවුරුදු දහස් ගණනක් ජීවමාන ආකාරයෙන් ම තබාගන්නට හැකි බව වරාම්භිර ආචාර්යයන්ගේ “ප්‍රණීත වෘහත් ජාතක” යන පොත සඳහන් කරයි. අද දක්වා නියපොතු, රැවුල, හිසකෙස් ආදිය වැඩෙන බවට දේහය ඇසින් දුටුවන් සාක්ෂි දරයි. කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල ගෙන්වා ගත් සේම රාහුල හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය ද මෙරටට ගෙන්වා ගැනීම රජයේ වගකීමකි. මේ දේහය එවකට ගාල්ලට පැමිණි පෘතුගීසිකාරයකු වූ ප්‍රැන්සිස් ක්‍ෂේවියර් විසින් ඉවතට ගෙන යන ලදී. ඒ පළාතේ වැසි ජනතාව එයට විරුද්ධ ව කොතරම් නැඟී සිටියත් ඒ වන විට කෝට්ටේ රජු ධර්මපාල, පෘතුගීසීන්ට මෙය ගෝවට ගෙනයාමට ඉඩ දී ඇත. එමෙන් ම ධර්මපාල රජු ශ්‍රී දේහය ඉවතට ගෙන යාමට අනුග්‍රහය දැක්වූ බවට එදා ප්‍රදේශයේ පතළ වූ මේ ජනකව් දෙකෙන් ද තහවුරු වේ.
සොඳුරු රාහුල අපවත්වී සකදහස
සිව්සත තෙලෙසවේ
ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු
සපුමල් රෝසවේ
සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය
ගල්ලෙන දිසාවේ
ඇදුරු ගේ තුනූ ලෙනෙන් ගත් දින
දනෝ යුදකලෝ ඒ නිසාවේ
සතුරු ප්‍රතිකාල් ෂේවියර් සෙන්පතිහු
යුදයට පත් වතාවේ
කිදුරු ගල ගල්ලෙනෙහි යක්සෙන්
අරක් ගනිමින් තිබූ මනාවේ
අතුරු අවුරුදු දහස් ගණනක්
පවතින සෙ කලෙ මතුරු ජිවේ
උතුරු මුල් පුත් රහල් තෙරිඳුගෙ සිරුර
ගෙන ගියෙ පුරට ගෝවේ
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
Saturday, April 13, 2013
2009 පෙබරවාරි 02 පාන්දර 5.30 ආසන්නව්ත්ම ප්‍රදෙශයම දෙවනත් කරමින් නන්දිකඩාල් කලපුව දෙසින් කොටි සිය ගනනක් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට පැමිනියහ, ප්‍රහාරයට පෙර ශූක්ෂමව මුලතිවු කඳවුර තුලට රින්ගාගත් ත්‍රස්තයන්ද ප්‍රහාර එල්ල කරන්නට විය, නොසිතූ ලෙස ඉදිරියෙන් හා පසුපසින් එලලවන ප්‍රහාර හමුවේ වීරෝදාර විරුවන් ඉතා අපහසුතාවයකට පත්විය, නමුත් දේශය වෙනුවෙන් පෙරට තැබූ පය පසු පසට ගැනීමට තරම් විරුවන් තුල කැමැත්තක් නොතිබුණි,
----------------------------------------------------------
මුලතිවුහි L.T.T.E කොඩිය දැමීමට කොටින්ගේ ප්‍රබලම රෙජිමේන්තුව මේ සටන සඳහා යොදවා තිබුණි.
53, 57, 59 සේනාන්ක සියල්ලම සටනේ යෙදුනේය. පුරා දෙවන දිනත් දරුණු ලෙස සටන් ඇවිලෙමින් තිබුණි.
"සර් SF එකෙන් ආවනම් අපිට ලේසි වෙයි, මුන්ගෙ කට්ටිය වැඩී, මුන් ලොකු ගේමකට ඇවිත් තියෙන්නෙ"
-------------------------------------------------------------
යුධහමුදාපතිවරයාගේ නියෝගය මත හෙලිකොප්ටර් මගින් බ්‍රාවෝ සහ එකෝ කණ්ඩයම් මුලතිවු වෙත පිටත්කරයවන ලදී.
දරුණු සටන් මැද දේශය වෙනුවෙන් ගුවන් හමුදා නියමුවා විරුවන් ආරක්ෂාකාරී ලෙස ගොඩ බැස්සවීය.
----------------------------------------------------------------
වේලාව සවස 4.30 පමනවිය, බුද්ධි තොරතුරුවලට අනූව මරාගෙන මැරෙන ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් විරුවන් සිටියහ. දරුණු සටන් මැද එක විටම වේගයෙන් කැබ් රතයක් හමුදා අරක්ෂක වලල්ල වෙත පැමිණෙමියේ ක්ෂණිකවමය.
"කැබ් එකට වෙඩිවදින් නැහැ, උන් තහඩු ගහල තියෙන්නේ, කියමින් චන්ද්‍රසිරි බණ්ඩාර විරුවා රතය එන මගට පැන්නේ හසලක ගාමිණී විරුන්ගේ මතකය නැවත අවදි කරමිනි, නිසැක වශයෙන්ම තමා මිය යන බව දැනුනත්, තමාට වඩා තම දේශය වෙනුවෙන් කල යුතු යුතුකම ඔහුට දැනෙන්නට ඇත, මරණය පෙනි පෙනී එල්ල කල R.P.G අවිය තුල තිබූ උණ්ඩය ක්‍රියාත්මක නොවුනේ මන්දැයිවත් නොසිතා, එය ඉවතදා, නැවත ක්ෂනිකවම අවියක් ගෙන මුහුනට මුහුන පැමිනි කැබ් රතයට අවිය ක්‍රියාත්මක කලහ, 4 වන ඊලාම් යුධ ඉතිහාසයේ තවත් රන් අකුරක් ඉතිරි කරමින් විරුවන් විශාල පිරිසකගේ ජීවිත බේරාගනිමින්, ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බංඩාර විරුවන් මෙලොවින් සමුගත්හ."
කිලෝ 500 කටත් වඩා පුපුරණද්‍රවය තිනූ රතය පුපුරා පලාතම දෙදරුම් කන්නට විය, රතය පොඩිවී රෝදයක් පමණක් ඉතිරිවී තිබුනි.
-----------------------------------------
සටන නැවතත් ඇරඹුණි, වීරෝධාර සෙබලුන්ගේ ධර්‍ය තවත් වැඩිවෙමින් තිබුණි,
විරුවන්ගේ වෙඩි බලයට කොටින්ගේ දක්ෂම රෙජිමෙන්තුව පසුබාමින් සිටී, "එස්.එෆ් ල බැහැල ඉන්නෙ, වලල්ල කඩන්න අමාරුයි, අපි විත්ඩ්‍රො වෙනව" යයි කොටි පණිවිඩහුවමාරුවලින් කියනු ඇසින.
පැය 72ක දරුණු සටනකින් පසු සටන ජය ගැනීමට වීරෝදාර විරුවන් සමත්විය, නමුත් ඒ වනවිටත් ලක්මවට වීරයින් රැසක් තම ලේවලින් ප්‍රදේශය නහවා තිබීම දරාගත නොහැකි දුකක්මවිය.
-----------------------------------------
විශේශ කාර්‍ය බලකා සෙබලෙකු සතු සියලුම ගුනාන්ග පෙන්වමින් දැයෙන් සමුගත් විරුව වීර වික්‍රම විභූශනයෙන් පිදුම් ලැබීය.
දේශයට මෙවන් පුතකු බිහිකල ආදරනීය මෑනියනි,පියානනි අප ආඩම්බරයි ඔබ ගැන ඔබේ පුතු තරමටම. කරමි සදා ආචාර දෙශයේ සැබෑ විරුවන්ට, අප ඔබට සදා ණය ගැතියි අප විරුවනේ.
◆ ◆ ◆ මිතුරන් අතරේ SHARE කරන්න ◆ ◆ ◆
▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂
උපුටා ගැනීම ආදරණීය මව් ලංකා පිටුවෙන්
Sunday, January 29, 2012
2000 ට පෙර සහ පසු, අපි ගැන පසු විපරම
•වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ සූර පප්පා කාටුන් ඒක යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා සුර පප්පා බැලුවා.
•වසර 2000ට පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට් කන ඒවයි බැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් ඒ විදියට හිතන්න වුනා.
•වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දී අම්මත් එක්ක පොළේ ගියා.
•වසර 2000ට පසු - ක්‍රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම් එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.
•වසර 2000ට පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම් ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.
•වසර 2000ට පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා. කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත් ජීවිතයකට මානසිකත්වයක් ආවා.
•වසර 2000ට පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
•වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. සිංහලෙන් කතා කරොත් කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන් කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.
•වසර 2000ට පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා.
•වසර 2000ට පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා.
•වසර 2000ට පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතා පත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.
•වසර 2000ට පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.
•වසර 2000ට පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙම කාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා.
•වසර 2000ට පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා. සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.
ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි. ගමේ හිටියත් කොළඹ හිටියත් ඒ දවස් සුන්ඳරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත් වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය ඒ හණමිටි, ගොඩේ කාලය කාට කාටත් නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනා. ඒත් තිත්ත වුනත් මේකම නේද යාලුවනේ ඇත්ත...
.......දිමුත් මධුශංක......
Subscribe to:
Posts (Atom)