Blog Pages

Sunday, January 29, 2012

මිතුදමක අරුමය

  පළමු ලෝක යුධ සමයයි. ජිම් සහ ඩැනියල් නම් වූ හොඳම මිතුරන් දෙදෙනාද ඒ වනවිට සිටියේ යුධ බිමේයි. දස අතින් වෙඩි හඬ ඇසෙද්දී කණ්ඩායම් අංක 44 සිටි ඩැනියල් ඒ වන විටත් සතුරු ආක්‍රමණ පෙදෙසේ සටන් වැදීමෙහි නිරතව සිටියා. ඒ අතර ලුතිනන් චාල්ස් හට ලැබුණු පණිවුඩය නම් හොඳ එකක් වුනේ නෑ. කණ්ඩායම් අංක 44 සතුරු ප්‍රදේශයේදී සමූල ඝාතනය වී ඇති බවත් වහාම පසු බසින ලෙසටත් රේඩියෝ පණිවුඩය දැනුම් දුන්නා.

ජිම් : මට සමාවෙන්න සර්, ඒත් මට දැන්ම පසු බහින්න බෑ. මම ඩැනියල්ව කොහොම හරි බේරගෙන එන්නම්. මට ඊට අවසර ලබාදෙන්න.

තම කුඩා කල පටන් හොඳම මිතුරා වූ ඩැනියල්ව සතුරන් අතට හසුවී ඇති වූවත් කෙසේ හෝ ඔහුව බේරා ගැනීම එකම අධිඨන කරගනිමින් ජින් එසේ පැවසූවත් ලුතිනන් චාල්ස් ඊට අවසර දීමට කැමති වුනේ නෑ.

ලුතිනන් චාල්ස් : පිස්සුද, මේ වෙනකොට ඩැනියල් මැරිලා ඇති. කණ්ඩායම් අංක 44 හැම දෙනාම මියගොස් ඇති බවට රේඩියෝ පණිවුඩය දැනුම් දුන්නා ඇහුනේ නැද්ද?

තම ලුතිනන් වරයාගේ අණ නොසලකා ජිම් සතුරු භූමියට ඇතුළු වුනා. මිනිත්තු 30ක් පමණ ගතවී යද්දී ජිම් තම සඟයා කර මත තබාගෙන තම කණ්ඩායම වෙත පැමිණියා. ඒ වන විටත් ඩැනියල් මියගොස් තිබෙණු දුටු ලුතිනන්වරයා තම හඬ අවදි කලා.

ලුතිනන් චාල්ස් : මම කිව්වනේ වැඩක් වෙන්නේ නෑ කියලා. බලනවා, දැන් තමුසෙටත් වෙඩි වැදිලා තුවාල වෙලා.

ජිම් : නෑ සර්, මගේ ගමනෙන් වැඩක් වුනා.

ලුතිනන් චාල්ස් : වැඩක් වුනා? මොකක්ද ඒ? තමුසෙගේ යාලුවා මැරිලා ඉවරයි.

ජිම් : ඔව් සර්, දැන් නම් ඩැනියල් මිය ගිහින් තමයි. ඒත් මම එයා ගාවට ලං වනවිට ඔහුට පණ යාන්තමට තිබුණා. ඔහු මා හට කුමක්දෝ කියන්නට යත්න දැරු බව මට වැටහුණා. මම තවත් ලංවුනු පසු ඔහු කිව්වේ එක දෙයයි... ''ජිම්, මම දැනගෙන හිටියා උඹ ඒවි කියලා''

අපේ ජීවිතයේදීත් අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් තියේවිද නැද්ද කියන එක රඳා පවතින්නේ අපි ඒ දෙස බලන ආකාරය අනුවයි. අපි අපේ සම්පූර්ණ ධෛර්යය යොදවල අපේ හදවත ''හරි'' කියන දේ නොකෙරුවොත් යම් දවසක අපි ඒ දේ නොකිරීම ගැන පසුතැවෙන්න සිදු වේවි.

උපුටාගැනීම, ලොවෙත් නෑ....

No comments:

Post a Comment